|
1986 |
කේ. නානායක්කාර මහතා |
![]() |
කේ. නානායක්කාර මහතා ආරම්භක විදුහල්පතිවරයා ලෙස සඳහන් වන අතර, විද්‍යාලය මුලදී ආරම්භ කර ඇත්තේ බාලක හා බාලිකා සදහා වෙන් වෙන් වශයෙනි. අද මෙම පාසලේ ප්‍රාථමික අංශය පවතින ස්ථානය බාලිකා පාසල ලෙසද වර්තමාන ප්‍රධාන ක්‍රීඩා පිටිය ස්ථානයේ බාලක පාසල් ගොඩනැගිල්ලද පවත්වා ගෙන ගොස් ඇත. |
|
1950 |
ඇග්නස් අමරසේකර (වේරගොඩ ස්කෝලෙ හාමිනේ ) මහත්මිය |
![]() |
බාලිකා පාසලේ විදුහල්පති ධූරය දරා ඇත්තේ ප්‍රසිද්ධ ලේඛකයෙකු වන ගුණදාස අමරසේකර මහතාගේ මෑණියන් වන ඇග්නස් අමරසේකර (වේරගොඩ ස්කෝලෙ හාමිනේ ) මහත්මියයි. |
|
1952 |
එස්.එස්. ධර්මදාස මහතා |
![]() |
අද ප්‍රධාන ක්‍රීඩා පිටිය පිහිටුවා ඇති ස්ථානයේ පාසල් ශාලාවද, ගුරු නිවාසය ද විය. එම භූමියේ කෘෂි කාර්මික කටයුතු ඉතා දියුණු ලෙස පවත්වා ගෙන ගොස් ඇත. ක්‍රීඩා පිටියට පහළින් ඇති කුඹුර සහ බෙම්බඩ ප්‍රදේශයෙන් ලබා ගත් කුඹුරක් සිසුන් විසින් වගා කර ඇත. එස්.එස්. ධර්මදාස මහතා විදුහල්පති ධුරය දරණ සමයේ ගමේ පිහිටි සුළු කර්මාන්තකරුවන් පාසලට ගෙන්වා ළමුන්ට ප්‍රායෝගික පුහුණුව ලබා දීමට කටයුතු කර ඇත. බට කූඩ විවීම, ලණු පැදුරු, ඉදල් කොහු සෑදීම, වඩු කර්මාන්තය ආදී ශිල්පීය දක්ෂතා සිසුන් තුළ ඔප් නැංවීමට කටයුතු කර ඇත. |
|
1965-1968 |
යූ.ජී.කේ.කරුනාතිලක |
![]() |
1965 සිට 1968 කාලය තුල යූ.ජී.කේ.කරුනාතිලක මහතා විදුහල්පතිවරයෙකු ලෙස අප පාසලට සේවය කරන ලදි. |
|
1968-1969 |
එම්.කේ.ආර්. නානායක්කාර මහතා |
![]() |
1968 සිට 1969 කාලය තුල එම්.කේ.ආර්. නානායක්කාර මහතා විදුහල්පතිවරයෙකු ලෙස අප පාසලට සේවය කරන ලදි. |
|
1969-1977 |
එම්.කේ.ආර්. නානායක්කාර මහතා |
![]() |
1976 වර්ෂයේදී මෙම පාසල මහා විද්‍යාලයක් බවට පත්කරන ලදී. 1977 වර්ෂයේ දී නැවත වරක් පාසලේ උසස් පෙළ පන්ති ආරම්භ කරන ලද අතර, එම අවධියේ එම්.කේ.ආර්. නානායක්කාර මහතා මෙම පාසලේ විදුහල්පති ධුරය දරණ ලදී. එතැන් සිට මේ දක්වා මෙම පාසල 1 – C කාණ්ඩයට අයත් පාසලක් ලෙස පවත්වා ගෙන යනු ලැබේ. මේ තත්ත්වය තවත් වර්ධනය කර ගැනීම තුළින් හා ගුණාත්මක බවින් පිරිපුන් හොද අධ්‍යාපනයක් ලබා දෙමින් ප්‍රදේශයේ ජනප්‍රිය විදුහලක් නිර්මාණය කිරීමේලා ගොඩනැගිලි පහසුකම් දීමට මනා පරිත්‍යාගයෙන් බුදු මැදුර ඉදි කිරීම හා ගොඩනැගිලි ප්‍රතිසංස්කරණය කර දීමට එස්.ඩී සමරසේකර මහතා දැක්වූ සහයෝගය ඉතා අගය කොට සලකමු. |
|
1977-1984 |
ඩබ්.උඩුගම විතාන මහතා |
![]() |
1977 සිට 1984 කාලය තුල ඩබ්.උඩුගම විතාන මහතා විදුහල්පතිවරයෙකු ලෙස අප පාසලට සේවය කරන ලදි. |
|
1984-1985 |
එච්.වී.වර්නේනිස් මහතා |
![]() |
1984 සිට 1985 කාලය තුල එච්.වී.වර්නේනිස් මහතා විදුහල්පතිවරයෙකු ලෙස අප පාසලට සේවය කරන ලදි. |
|
1985-1991 |
සුනිල් ඒ ගුරුසිංහ මහතා |
![]() |
1985 සිට 1991 කාලය තුල සුනිල් ඒ ගුරුසිංහ මහතා විදුහල්පතිවරයෙකු ලෙස අප පාසලට සේවය කරන ලදි. |
|
1991-1993 |
පී.ඩබ්. සෙනවිරත්න මහතා |
![]() |
1991 සිට 1993 කාලය තුල පී.ඩබ්. සෙනවිරත්න මහතා විදුහල්පතිවරයෙකු ලෙස අප පාසලට සේවය කරන ලදි. |
|
1993-1995 |
කේ.ඩබ්.ලීලාවතී මහත්මිය |
![]() |
1993 සිට 1995 කාලය තුල කේ.ඩබ්.ලීලාවතී මහත්මිය විදුහල්පතිවරයෙකු ලෙස අප පාසලට සේවය කරන ලදි. |
|
1995-1996 |
ජී.ඒ. කරුණාසේන මහතා |
![]() |
1995 සිට 1996 කාලය තුල ජී.ඒ. කරුණාසේන මහතා විදුහල්පතිවරයෙකු ලෙස අප පාසලට සේවය කරන ලදි. |
|
1996-2005 |
ඩබ්. විජේවික්‍රම සෙනෙවිරත්න මහතා |
![]() |
ඩබ්. විජේවික්‍රම සෙනෙවිරත්න විදුහල්පතිවරයා යටතේ දෙමහල් ගොඩනැගිල්ල ඉදි කරන ලද අතර ද්විතීයික අංශයේ බුදු මැදුරද ඉදි කරන ලදී. නැටුම් , සංගීත තරගවලින් සමස්ත ලංකා ජයග්‍රහණ ලබා ගෙන ඇත. |
|
2005-2015 |
ලාලනී ශ්‍රියාලතා විදුහල්පතිතුමිය |
![]() |
පී.ඩබ්. ලාලනී ශ්‍රියාලතා විදුහල්පතිතුමිය යටතේ විද්‍යාලයීය ක්‍රීඩා මණ්ඩපය හා ප්‍රාථමික අංශයේ බුදු මැදුර ඉදි කිරීම් කටයුතු සිදු කෙරුණි.
|
|
2015-දැන් |
ඊ.කේ. පුෂ්පමාලා වසවතී |
![]() |
2015 වර්ෂයේ සිට නූතන විදුහල්පති තනතුරේ වැඩභාරගත් දා සිට මෙතුමිය රැස්විම් ශාලාවක් සහිත ගොඩනැගිල්ලක් ඉල්ලීම් කරමින් අමාත්‍යංශයට ගිය අතර 2019 වර්ෂයේ දී එය අනුමත කොට පළමු අදියර සඳහා තාක්ෂණික නිලධාරීන්ගේ අවධානයට ලක් වූ අතර, ඒ සඳහා මුදල් අවුරා තබා ඇති බව දැනගන්නට ලැබුණි. ඒ අනුව එම ශාලාව ඉදි කෙරුණි. 2016 වර්ෂයේ ප්‍රාථමික අංශයේ ගොඩනැගිල්ල කඩා වැටීම හේතුවෙන් දෙමාපියන්ගේ සහයෝගයෙන් හා දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ සහයෝගයෙන් තාවකාලික ගොඩනැගිල්ලක් ඉදිකරන ලදී. ද්විතික අංශයේ අබලන් වූ ටකරන් ශාලාව සීට් යොදා නැවත ප්‍රතිසංස්කරණය කරන ලද්දේ එස්.ඩි.අමරසේකර මහතාගේ අනුග්‍රහයෙනි. 2016 උසස් පෙළ විභාගයෙන් ළමුන් තිදෙනෙකු ඉදිරිපත් වී A සාමාර්ථ සහිතව සමත් වූ අතර, 100% ප්‍රතිඵල ලබා ගෙන ඇත. 2017 වර්ෂයට උසස් පෙළ සදහා ළමුන් 11 දෙනෙක් ඇතුළත්ව ඇත. මේ වර්ෂ කිහිපය තුළදී මෙම විද්‍යාලයේ ද්විතියික අංශයේ ආරක්ෂක වැට ඉදි කිරීම, ගේට්ටුව සෑදීම, කම්බි වැට ගැසිම, ඉගෙනුම් පරිසරයක් ඇති කිරීම, අපතේ ගිය ජලයෙන් අලංකාර පොකුණක් සෑදීම, කාර්යාල කාමරය ස්ථාපිත කිරීම, නව පරිගණකාගාරයක් සකස් කර ගැනීම, සමස්ත ලංකා සංගීත ජයග්‍රහණ ලබා ගැනීම ඒ තුළින් සංගීත භාණ්ඩ පාසලට ලැබීම, පුස්තකාල ජයග්‍රහණ ලබා ගැනිම මෙන්ම තොරතුරු තාක්ෂණ මධ්‍යස්ථානයද මනූෂ නානයක්කාර මහතාගේ අනුග්‍රහයෙන් නිර්මාණය කරමින් අති විශාල සේවාවක් සිදු කරමින් සිටී. |

